ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වීම කල් යන ලකුණු - කැබිනට් අනුමැතිය තවදුරටත් ප්‍රමාදයි

Report

මෙවර ද කැබිනට් මණ්ඩලයට ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ඉදිරිපත් කර නොමැති බව වාර්තා වී ඇත.

ඒ අනුව ඊයේ (23) දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වූ අතර ඊට ජාතික විදුලිබල ප්‍රතිපත්තියට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී නොමැති බව පවසයි.

එබැවින් ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනිම තවදුරටත් ප්‍රමාද වෙන බව සඳහන්. එනිසා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ප්‍රමාද වන අතර ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය ප්‍රකාශයට පත්කිරීම ද කල්යනු ඇති බව පවසයි.

ඉතිහාසය වෙනස් කරමින් විශ්වීය එන්නතක් - ‍රෝග රැසකට ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් විසඳුමක්

ඉතිහාසය වෙනස් කරමින් විශ්වීය එන්නතක් - ‍රෝග රැසකට ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් විසඳුමක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වූ අතර මේ වන විටත් ඉන් අදියර 4ක් අවසන් කර තිබෙනවා.

එමෙන්ම ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරිමේ කටයුතු ද මේ වන විය අවසන් කර ඇති අතර ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

කෙසේ වුවද මීට පෙරදී ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබුණේ පෙබරවාරි මස 28 වන දින ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

තමන්ගෙම නිවසක් ගැන සිහින දකින ඔබට සුබ පණිවිඩයක්

තමන්ගෙම නිවසක් ගැන සිහින දකින ඔබට සුබ පණිවිඩයක්