65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

Report

බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙනත් ස්ථානවල රඳවා තැබීමට සූදානම් වීමත් සමඟ වයස අවුරුදු හැටපහට අඩු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරින් සියයක් (100) නැවත සේවයට කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මෙම නව රැඳවුම් ස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පැවතීම නිසා මෙසේ බන්ධනාගාර නිලධාරින්ගේ අවශ්‍යතාව මතුව ඇති බව සඳහන්.

එම තත්ත්වය මත මෙම බඳවා ගැනීම් සිදුකරන බවට බන්ධනාගාර ඉහළ නිලධාරියෙක් විසින් පැවසූ බවට වාර්තා වේ.

රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සිය - නීති පද්ධතියේ අලුත් පියවරක්

රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සිය - නීති පද්ධතියේ අලුත් පියවරක්

ඒ අනුව පළමු පෙළ ජේලර්, දෙවැනි පෙළ ජේලර්, සැරයන්, නියාමක, හෙද සහ ඖෂධ සංයෝජක තනතුරු වෙනුවෙන් එසේ කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම් සිදුකරනු ඇති බව සඳහන්.

එමෙන්ම මේවනවිට බන්ධනාගාර තුළ සිරකරුවන් හතළිස්දහසක් ඇති අතර නිලධාරින් 10350 ක් සිටී. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව සඳහන්.

මේ දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්

මේ දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න