ඊයේ කොග්ගලම කම්පා කරමින් දුම්රියේ ගැටුණු බස් රථයට මගී ප්රවාහන අධිකාරියෙන් වහාම ක්රියාත්මක වන පරිදි දුන් තීරණය
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය මඟින් චාරිකා බලපත්රයක් ද නොමැතිව ගාල්ල - කොග්ගල හරස් මාර්ගයේදී දුම්රියක ගැටී සිසුන් ඇතුළු 13 දෙනෙකු තුවාල ලැබූ සිද්ධියට අදාළ බස් රථයේ මගී ප්රවාහන බලපත්රය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (25) දින පස්වරුවේ පාසල් ළමයින් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක නිරත වෙමින් තිබූ මෙම බස් රථය, ගාල්ල - හබරාදූව, කොග්ගල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේදී පැමිණි දුම්රියේ ගැටී තිබුණා.
ඒ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50ට මරාදාන බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්රගාමී දුම්රියේයි.
සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට
අනතුරෙන් තුවාල ලැබූවන් උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ අතර පොලිසිය ප්රකාශ කළේ සිද්ධියට අදාළව රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගත් බවයි.
වාර්තා වූ ආකාරයට මෙම ළමුන් අනතුරට මුහුණ පා ඇත්තේ උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ කොට්ටාව ප්රදේශයේ සිට කෞතුකාගාරය නැරඹීමට පැමිණෙමින් සිටියදීයි.
එසේම අනතුර සිදුවන අවස්ථාවේදී උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බව පොලිසිය ප්රකාශ කළා.