සහෝදර පෙම පිරුණු ආදරණීය සටහනක් - හිටපු ජනපති මෛත්රීපාල '' ආදරණීය ඩඩ්ලි මල්ලී'' කියමින් මුළු රටටම කියපු කතාව මෙන්න
ඩඩ්ලි සිරිසේන කියන්නේ ලංකාවේ ඉන්නේ දක්ෂ නමගිය ව්යාපාරිකයෙක් . . ඒවගේම ඔහු හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආදරණීය සොහොයුරා වීම නිසාත් වෙනස්ම අවධානයක් ඔහු වෙත යොමුවෙලා තියනවා.
ඉතිං රටම දන්න මේ අපූරු ව්යාපාරිකයගේ උපන්දිනය අදයි .
ඉතිං ඔහු වෙනුවෙන් සටහනක් තම සොහොයුරු පෙම නිසාම අපූරු සටහනක් මුහුණුපතට එක්කරලා තිබුණා
ආදරණීය ඩඩ්ලි මල්ලී
අද දිනට යෙදෙන ඔබේ ජන්ම දිනය වෙනුවෙන් මාගේ හදපිරි උණුසුම් සුභ පැතුම්!
අප උපන් ඓතිහාසික පොළොන්නරු පුරවරය නගාසිටුවීමටත්, රටේ කෘෂිකර්මාන්තය හා ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ඔබේ ව්යවසායකත්වයෙන් ඔබ ඉටුකරන සුවිශේෂී සේවය මා ඉතා අගය කරමි පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය,
දීර්ඝායුෂ සහ තව තවත් රටට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ගෙන දෙන සුභ උපන්දිනයක් වේවා! තෙරුවන් සරණයි!