පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ පාසල් පැවැත්වීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වන්නේ නම්, ඒ පිළිබඳ සුදුසු තීරණ ගැනීමේ පූර්ණ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, යම් ප්‍රදේශයක පවතින ආපදා තත්ත්වය, ගංවතුර අවදානම හෝ මාර්ග අවහිරතා සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශයේ පාසල් තාවකාලිකව වසා තැබීමට හෝ පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් ක්ෂණිකව තීරණය කිරීමට එම බලධාරීන්ට අවස්ථාව හිමිවේ.

ශෂී වීරවංශගේ අභියාචනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට දින නියම වෙයි

ශෂී වීරවංශගේ අභියාචනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට දින නියම වෙයි

ජනතාව සහ පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.

තත්ත්වය දරුණු වෙද්දී රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි - ජනතාවට අනතුරු ඇගවීමක්

තත්ත්වය දරුණු වෙද්දී රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි - ජනතාවට අනතුරු ඇගවීමක්