කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම පිළිබඳ පූර්ව දැනුම්දීමක් - පහත්බිම් වාසීන්ට දැඩි උපදෙස්

Report

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වාරිමාර්ග හා විදුලිබල බලධාරීන් විසින් පූර්ව දැනුම්දීමක් සිදුකර තිබේ.

වත්මන් වාර්තාවලට අනුව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 696.96ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සමස්ත ධාරිතාවයෙන් 78.71%ක ප්‍රමාණයකි.

ඊයේ කොග්ගලම කම්පා කරමින් දුම්රියේ ගැටුණු බස් රථයට මගී ප්‍රවාහන අධිකාරියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුන් තීරණය

ඊයේ කොග්ගලම කම්පා කරමින් දුම්රියේ ගැටුණු බස් රථයට මගී ප්‍රවාහන අධිකාරියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුන් තීරණය

ඒ අනුව ජලාශය එහි උපරිම ජල සැපයුම් මට්ටම වන මීටර් 703.00 (m/MSL) වෙත ළඟා වීම සඳහා ඝන මීටර් මිලියන 36.381ක හිස් අවකාශයක් පවතින බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජලාශයට ලැබෙන ජල ධාරිතාවේ සීඝ්‍රතාවය අනුව ඉදිරියේදී වාන් මට්ටම කරා ළඟා වීමේ ඉහළ හැකියාවක් පවතී.

පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

එම නිසා ජලාශයෙන් පහළ පිහිටි කොත්මලා ඔය ආශ්‍රිත නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර මෙන්ම මහවැලි ගඟ ආශ්‍රිත උලපනේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු වේ.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්‍රථම නැවතත් විශේෂ දැනුම්දීමක් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද අදාළ බලධාරීන් වැඩිදුරටත් නිවේදනය කරයි.