දිවයිනේ ඩෙංගු අධි අවදානම් කලාප 28ක් - මේ වසරේ රෝගීන් 105,000 පනී, මරණ 79ක්
දිවයින පුරා තවදුරටත් ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්ය වෛද්ය නිලධාරී (MOH) කොට්ඨාස 28ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව මේ වසරේ (2026) මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 105,097 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔක්තෝබර් මාසයේ ගතවූ දින 25 තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,377 දෙනෙකු වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත පෙන්වා දෙයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එය මුළු රෝගීන් සංඛ්යාවෙන් 52.02% ක ප්රතිශතයක් එනම් රෝගීන් 54,673 කි. දිස්ත්රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්යාවක් ගම්පහ දිස්ත්රික්කයෙන් (22,053) වාර්තා වන අතර, ඊට අමතරව කොළඹ දිස්ත්රික්කයෙන් 20,384 ක්, මහනුවර දිස්ත්රික්කයෙන් 8,378 ක් සහ කළුතර දිස්ත්රික්කයෙන් 6,592 ක් ලෙස රෝගීන් වාර්තා වී ඇත.