ප්රදේශ රැසක ජනතාවට හදිසි නායයෑම් අවදානමක් - හෙට පස්වරු 2.45 දක්වා රතු නිවේදන බලපැවැත්වෙයි
රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායයෑම් පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව, රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
අද (26) පස්වරු 2.45ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (27) පස්වරු 2.45 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.
මීට අමතරව, දිවයිනේ තවත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා දෙවන මට්ටමේ (ඇම්බර්) සහ පළමු මට්ටමේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
දෙවන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීම්
නිකුත් කර ඇති ප්රදේශ
කළුතර දිස්ත්රික්කයේ :-
වලල්ලාවිට, දොඩංගොඩ, බුලත්සිංහල සහ මදුරාවල
මහනුවර දිස්ත්රික්කයේ :-
උඩුනුවර සහ පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්රික්කයේ :-
දෙහිඕවිට, අරණායක, ගලිගමුව සහ දැරණියගල
කුරුණෑගල දිස්ත්රික්කයේ :-
කුරුණෑගල
නුවරඑළිය දිස්ත්රික්කයේ :-
අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර සහ නොර්වුඩ්
රත්නපුර දිස්ත්රික්කයේ :-
නිවිතිගල, කිරිඇල්ල, බලංගොඩ, ඇහැලියගොඩ සහ කලවාන
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - නරඹන්න (කහ)
ගාල්ල දිස්ත්රික්කයේ :- කරන්දෙණිය සහ තවලම
ගම්පහ දිස්ත්රික්කයේ :-අත්තනගල්ල
කළුතර දිස්ත්රික්කයේ :- මිල්ලනිය, ඉංගිරිය, බේරුවල, හොරණ සහ පාලින්දනුවර මහනුවර දිස්ත්රික්කයේ :- උඩපළාත, උඩදුම්බර සහ ගඟ ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්රික්කයේ :- රුවන්වැල්ල, වරකාපොළ, කෑගල්ල, මාවනැල්ල සහ යටියන්තොට
කුරුණෑගල දිස්ත්රික්කයේ :- මාවතගම, නාරම්මල සහ අලව්ව
නුවරඑළිය දිස්ත්රික්කයේ :- බටහිර කොත්මලේ
රත්නපුර දිස්ත්රික්කයේ :- ඉඹුල්පේ, වැලිගෙපොළ, කහ