සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

Report

අද(26) දිනය සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 5.30 ට නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

එය බටහිර දෙසට ගමන් කර ඇති අතර, උතුරු අක්ෂාංශ 15.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි.

මෙම පද්ධතිය බොහෝ දුරට බටහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අද දින (ඔක්තෝබර් 26) බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බව සඳහන්.

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි

අනතුරුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර, 2026 ඔක්තෝබර් 27 වන දින පමණ වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කෙරේ.

එසේම උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්‍ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්

ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්‍ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්