ශෂී වීරවංශගේ අභියාචනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට දින නියම වෙයි

Report

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ  එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම සඳහා නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ මෙම අභියාචනය අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව කැඳවා තිබිණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනය නොවැම්බර් 18 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයාවු ලූලාගේ ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්

සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයාවු ලූලාගේ ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්

බස්නාහිර පළාතේ ජල හිඟයට තිරසාර විසඳුමක් - විකල්ප භූගත හා ස්වාභාවික ජල මූලාශ්‍ර භාවිතයට නව සැලැස්මක්

බස්නාහිර පළාතේ ජල හිඟයට තිරසාර විසඳුමක් - විකල්ප භූගත හා ස්වාභාවික ජල මූලාශ්‍ර භාවිතයට නව සැලැස්මක්