කෝච්චිය එනවා බස් එක දාන්න එපා කියලා ළමයි කෑගහලා.. ඊයේ රටම මළගමක් කරන්න ගිය බිහිසුණු අනතුර ගැන ඇඟ හිරිවැටෙන කථාවක්
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා විසින් කොට්ටාව ප්රදේශයේ පෞද්ගලික අධ්යාපන ආයතනයක සිසුන් පිරිසක් සහ දෙමාපියන් රැගත් බස් රථයක් දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් කරයි.
ඒ අනුව එම අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අපරාධ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසූ බව වාර්තා වේ.
ඔහු මේ බව අද (26) දින පැවති මාධ්ය හමුවක් අමතමින් සඳහන් කර ඇත.
ඊයේ (25) දින කොට්ටාව ප්රදේශයේ අධ්යාපන ආයතනයක සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් ඇතුළු 63 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කෞතුකාගාරයක් නැරඹීමට කොංගල ප්රදේශයට ගොස් තිබුණු අතර එදින පස්වරු 2.15ට පමණ නැවත පැමිණෙමින් තිබියදී, දුම්රිය හරස් මාර්ගයක අනතුරු ඇඟවීමේ විදුලි සංඥා සහ සීනුව ක්රියාත්මක වෙමින් තිබියදී බස් රථයේ රියදුරු එය නොතකා හරස් මාර්ගය හරහා රිය ධාවනය කිරීමට උත්සාහ කර ඇති බව නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළා.
ඊයේ කොග්ගලම කම්පා කරමින් දුම්රියේ ගැටුණු බස් රථයට මගී ප්රවාහන අධිකාරියෙන් වහාම ක්රියාත්මක වන පරිදි දුන් තීරණය
එසේම දුම්රියක් පැමිණෙන බවට සිසුන් කෑගසා බස් රථය ඉදිරියට දැමීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියද, රියදුරු රිසිසේ බස් රථය ඉදිරියට ධාවනය කර තිබෙන අතර, එහිදී දුම්රිය බස් රථයේ පිටුපස කොටසේ ගැටී ඇති බවත් සඳහන්.
මෙම අනතුරින් තුවාල ලැබූ සිසුන් 13 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඉන් එක් සිසුවෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
එසේම තවත් සිසුන් 8 දෙනෙකු තවමත් ප්රතිකාර ලබන බවද අනෙකුත් සිසුන්ට ද අවශ්ය ප්රතිකාර ලබා දී ඇති බවද ඒ මහතා ප්රකාශ කර ඇත.
සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට
තවද මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ මෙය මාරාන්තික "යාංගල්මෝදර දුම්රිය අනතුරට" සමාන වීමට ඉඩ තිබූ බරපතළ ඛේදවාචකයක් වුවද, වාසනාවකට මෙන් ජීවිත හානියක් සිදු නොවූ බවයි.
එබැවින් බස් රථයේ රියදුරුගේ බරපතළ අපරික්ෂාකාරී ධාවනය නිසා ඔහු මේ වන විට මත්ද්රව්ය පරීක්ෂණයකට යොමු කර ඇති බවද රථවාහන දිශාව භාර නියෝජ්ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.