'බොරැල්ල ධනුෂ්ක'ගේ ගෝලයෙක් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කාර්ය බලකායේ දැලට

Report

විදේශගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'බොරැල්ල ධනුෂ්ක' නැමැත්තාගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි වියේ පසුවන්නෙකි.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී කුෂ් (Kush) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක්, ජංගම දුරකථනයක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 6,000ක මුදලක් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ඉදිරි නීතිමය පියවර පිණිස ඔහු බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍යවල යන ව්‍යාජ චක්‍රලේඛවලට රැවටෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට, සිසුන්ට සහ දෙමාපියන්ට හදිසි අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යවල යන ව්‍යාජ චක්‍රලේඛවලට රැවටෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට, සිසුන්ට සහ දෙමාපියන්ට හදිසි අනතුරු ඇඟවීමක්