පාසල් 26කට නිවාඩු - මේ දැන් නිකුත් වූ හදිසි තීරණය මෙන්න - අයහපත් කාලගුණයෙන් පාසල් නිවාඩු ප්රකාශයට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, මධ්යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ඇතැම් අධ්යාපන කලාපවලට අයත් පාසල් 26ක් සඳහා නිවාඩු ලබා දී ඇති බව ආණ්ඩුකාර වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා පවසා ඇත.
අඛණ්ඩව පවතින වර්ෂාව සහ පස් කඳු කඩා වැටීම් වැනි සිදුවීම් හේතුවෙන් සිසුන්ට අනතුරු සිදුවීම වැළැක්වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් වසා තැබීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විසින් වැදගත් නිවේදනයක් නිකුත් කර තිබේ.

රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් පාසල්වල පන්ති පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත්, ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්යාපන අධ්යක්ෂවරුන් වෙත පවරා ඇති බව අධ්යාපන අමාත්යාංශය දැනුම් දී ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාවට බලපෑම් එල්ල විය හැකි අවස්ථාවලදී, ඒ සම්බන්ධයෙන් අවශ්ය තීරණ ගැනීමට හැකියාව ඇති බව ද එහි සඳහන් වේ.