සමාජ මාධ්‍යවල යන ව්‍යාජ චක්‍රලේඛවලට රැවටෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට, සිසුන්ට සහ දෙමාපියන්ට හදිසි අනතුරු ඇඟවීමක්

Report

සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු යෙදුම් ඔස්සේ සංසරණය වන ව්‍යාජ හා සංශෝධනය කරන ලද නිල චක්‍රලේඛ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

නිල චක්‍රලේඛ විකෘති කරමින් සහ අසත්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙවැනි නොමඟ යවන සුළු තොරතුරු හේතුවෙන් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, සිසුන්, දෙමාපියන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද ව්‍යාකූලත්වයට පත්විය හැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව, නිවැරදි හා වලංගු නිල චක්‍රලේඛ ලෙස පිළිගත යුත්තේ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති චක්‍රලේඛ පමණක් බව එම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, ව්‍යාජ හෝ සංශෝධනය කරන ලද චක්‍රලේඛවලට නොරැවටෙන ලෙසත්, සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු වේදිකා ඔස්සේ එවැනි තොරතුරු තවදුරටත් බෙදා හැරීමෙන් වළකින ලෙසත් අමාත්‍යාංශය මහජනතාවට උපදෙස් දී තිබේ.

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටෙයි - පස්දෙනෙකුට තුවාල ලබා රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටෙයි - පස්දෙනෙකුට තුවාල ලබා රෝහලට

සෞදියට එල්ල වූ හවුති ප්‍රහාර මැද ලෝක තෙල් වෙළඳපොළෙන් හදිසි පෙරළියක් - බොරතෙල් මිල එකපාරටම පහතට

සෞදියට එල්ල වූ හවුති ප්‍රහාර මැද ලෝක තෙල් වෙළඳපොළෙන් හදිසි පෙරළියක් - බොරතෙල් මිල එකපාරටම පහතට

Gallery