බස් රථයක් සහ ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් මුහුණට මුහුණ ගැටී භයානක අනතුරක්

Report

හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් ගැටී තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ, කිඹුලාවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. එසේම අඳාළ බස් රථය හා ඩිෆෙන්ඩර් රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

මෙම අනතුර අද (19) උදෑසන 7.30ට පමණ සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී බස් රථය මැදිරිගිරිය වඩිගවැව සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබී ඇත.

එසේම ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථය හිඟුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ධාවනය වී තිබෙනවා. කෙසේ වෙතත් අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එහෙත් අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර අනතුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය සිදුකරන බව සඳහන්.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න