ලොවම අඩපණ කළ Blue Screen Death...

SriLankan Airlines Microsoft United States of America World Technology
By Parami Dissanayake Jul 19, 2024 05:54 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මෙරට වේලාවෙන් අද (19) මධ්‍යාහ්න කාලයේ දී ලෝකය නවීන තාක්ෂණය අතින් වේගවත් සංවර්ධනයක නිරතව සිටින මොහොතක ‍මහා පරිමාණ ගෝලීය තොරතුරු තාක්ෂණික බිඳ වැටීමක් පිළිබඳව වාර්තා විණි.

ඒ, මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු යෙදවුම් සේවා රැසක බිඳ වැටීමක් හේතුවෙන් මේ වනවිට ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වීම හේතුවෙනි.

ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් හිඟුරක්ගොඩට...

ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් හිඟුරක්ගොඩට...

මෙම බිඳවැටීම හේතුවෙන් ගුවන් ගමන්, බැංකු සේවා, රූපවාහිනී නාලිකා විකාශන කටයුතු ඇතුළු සේවා රැසක මෙහෙයුම් අනපේක්ෂිත ලෙස අඩාළ වූ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයට සහ මෙරට පෞද්ගලික ආයතන හතරක මෙහෙයුම් කටයුතුවලටත් දැඩි බලපෑමක් එල්ල වුණි.

ඒ අනුව,පළමුව මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු ප්‍රධාන යෙදවුම් සේවා රැසක බිඳ වැටීම වාර්තා වී තිබුණේ අමෙරිකාවෙනි.

ඒ සමග, "බ්ලූ ස්ක්‍රීන් ඩෙත්" යනුවෙන් දෝෂයක් ලොව පුරා රටවල් රැසක පරිගණක තිර මත දිස්වීමත් සමඟ එය විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවත බවට පත් වූ අතර, පරිගණක ජාලවල microsoft යෙදවුම් අනපේක්ෂිත ලෙස ඇනහිටීම "බ්ලූ ස්ක්‍රීන් ඩෙත්" දෝෂය නම් වේ.

ඒ අනුව, අසල්වැසි ඉන්දියාව මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ස්පාඤ්ඤය, ජර්මනිය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය, ජපානය, පෝලන්තය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමිර්හි ඩුබායි ඇතුළු නගර හා රටවල් රැසකට මෙම තාක්ෂණික බිඳ වැටීමෙන් දැඩි බලපෑම් එල්ල විය.

ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක්...

ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක්...

ශ්‍රී ලංකාවේ මෙන් ම, අමෙරිකාවේ ඩෙල්ටා, අමෙරිකන් එයාර්ලයින්ස්, යුනයිටඩ් ඇතුළු ප්‍රධාන ගුවන් සමාගම්වලත් බ්‍රිතාන්‍යයේ ඊසි ජෙට්ස්, රයන් එයාර් ඇතුළු ගුවන් සමාගම්වල මෙහෙයුම් අඩපණ වීමක් ද සිදු වුනු බව වාර්තා වේ.

එමෙන්ම ජපානයේ ජෙට් ස්ටාර්, ජේජු එයාර්, HK එක්ස්ප්‍රස් මෙන්ම ස්ප්‍රින්ග් ජැපෑන් ගුවන් සමාගම් ද ඉන්දියාවේ ඉන්ඩිගෝ, අකාස එයාර් ඇතුළු සමාගම්වලච සේවා කටයුතු මෙහි බලපෑමෙන් බිඳවැටුණි.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් මාධ්‍ය ජාලයත්, BBC නාලිකාවට අනුබද්ධ CBBC මාධ්‍ය ජාලයත්, ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලයත් බිඳ වැටී ඇත.

තව ද, නවසීලන්ත පාර්ලිමේන්තුවෙත් පරිගණක ජාලය අක්‍රීය වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වියට්නාමයේ හිටපු ජනපති Nguyen Phu Trong ජීවිතක්ෂයට...

වියට්නාමයේ හිටපු ජනපති Nguyen Phu Trong ජීවිතක්ෂයට...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලය, පොලීසිය, රූපවාහිනි නාලිකා මෙන්ම නවසීලන්ත බැංකු කිහිපයක් ද සිය පද්ධති ආශ්‍රිත දෝෂ වාර්තා කළේය.

මෙලෙස, මහා පරිමාණ ගෝලීය තොරතුරු තාක්ෂණ බිඳ වැටීමට හේතු වී තිබුණේ, අමෙරිකාවේ ක්‍රවුඩ් ස්ට්‍රයික් සයිබර් ආරක්ෂණ සමාගමේ දෝෂයක් ලෙස හඳුනාගැණුනි.

එය ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගම නව පරිගණක ප්‍රතිවෛරසයක් අත්හදා බැලීමේ දී සිදුවූ දෝෂයක් බව විදෙස් වාර්තා පැවසීය.

කෙසේ වෙතත්, ඉන් මයික්‍රොසොෆ්ට් සේවා රැසකට බලපෑම් එල්ල වුවත් මැක් සහ ලිනක්ස් යෙදවුම්වලට බලපෑමක් සිදුව නොතිබුණි.

ReeCha