ෆෝන් එකෙන් භය කරලා සල්ලි ඉල්ලන බොරු පොලිස්
මේ දිනවල නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් සිදුකරන නිසා ඒ නිසා සුපරීක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය සදහන් කර තිබේ.
ඒ වගේම පොලීසිය ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID), මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) නිලධාරීන් ලෙස හෝ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිට සංවිධානාත්මක කල්ලි විසින් ජනතාව බිය ගන්වා මුදල් වංචාවන් සිදුකරන බවට මේ වනවිට පැමිණිලි බොහෝමයක් ලැබී ඇති බවයි.
තවද මුදල් විශුද්ධිකරණය හෝ මූල්‍ය අපරාධ වැනි බරපතල වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන බව හඟවා දුරකතන ඇමතුම් ලබා දෙමින් පුද්ගලයින් බිය ගන්වා මුදල් ලබා ගැනීමට එම කණ්ඩායම් කටයුතු කරන බව පොලීසිය සදහන් කර ඇත.
තවද මෙම පොලීසිය ප්‍රකාශ කළේ සංවිධානාත්මක කල්ලි විසින් දුරකථන ඇමතුම් ලබාදී බිය ගන්වා බැංකු තොරතුරු වැනි පුද්ගලික තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බවයි.
ඒ වගේම ඔවුන් ඉලක්ක කරගත් පුද්ගලයින්ට වීඩියෝ ඇමතුම් ලබා දෙන නවත් නමුත් කිසිදු සැකැයක් නොහිතෙන අයුරින් ව්‍යාජ ආරක්ෂක නිල ඇඳුම් භාවිත කර මෙලෙස බිය ගැන්වීම් සිදු කරන බව පොලීසිය සදහන් කරයි.
තවද පුද්ගලික තොරතුරු ලබාගත් පසු බැංකු ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂමව සහ වංචනිකව අපරධකරුවන් විසින් සොරා ගන්නා බවත් කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රජයේ ආයතනයක් කිසි විටෙකත් දුරකථනයෙන් මුදල්, බැංකු තොරතුරු හෝ රහසිගත පෞද්ගලික තොරතුරු ලබා නොගන්නා බවත් පොලීසිය අවධාරණය කර තිබේ.
ඒ වගෙම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම්, සිතාසි හෝ නීතිමය දැනුම්දීම් කිසි විටෙකත් දුරකථන ඇමතුම් වලින් ලබා නොදෙන බවත් නිල නිවේදන හෝ අධිකරණ සිතාසි වැනි නිසි නීතිමය ක්‍රියා පටිපාටි හරහා පමණක් බවත් ප්‍රකාශ කර ඇත.
ඔබට එවැනි දුරකතන ඇමතුම් ලැබුණහොත් කිසිඳු පෞද්ගලික විස්තරයක් ලබා නොදෙන ලෙසත් ඒ පිළිබද ළගම පොලිසිය වෙත දැනුම්දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.