වහාම ක්‍රියාත්මක වන පරිදි මේ එන්නත තහනම්

Report

ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නතක් වන Ondesterone එන්නත විෂ වීමෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) රෝගියකු සංකූලතාවට ලක්වී මිය ගිය බවට සැලකෙන සිද්ධියක් මුල්කරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පියවර ගෙන ඇත.

එසේම එම එන්නත ලබාගත් මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනකු ද ඇතිවූ සංකූලතා මත මිය ගිය බවට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරයක් යන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් මහනුවර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ජයන්තගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ එන්නත ගත් රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තා වී නොමැති බවයි.

එමෙන්ම රෝගීන් නිර්වින්දනය කළ පසු ඇති වන අතුරු ආබාධ වැළැක්වීමට මෙම එන්නත රෝගීන්ට ලබාදෙන බව වෛද්‍යවරු පවසයි.

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

එමෙන්ම ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට වමනය ඇති වන අවස්ථාවලදීත් මෙම එන්නත ලබා දෙන අතර සැත්කම්වලට ලක් කරන රෝගීන්ට ද මෙය ලබාදෙන බව වෛද්‍යවරුන් සඳහන් කරයි.

මේ අතර NMR/PA3/ADR 04/2025 දරන ලිපිය පසුගිය 12 වන දින ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය කේ. එම්. ජී. කේ. බණ්ඩාරගේ අත්සනින් නිකුත් කර ඇත.

එහි එම එන්නත ලබාදීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා හා අහිතකර ප්‍රතික්‍රියා මත මෙම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සඳහන්.

එසේම වෛද්‍ය සංගම් පෙන්වා දෙන්නේ ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ (Indian Phamcopeia) හෙවත් IP ප්‍රමිතිය යටතේ මෙරටට අදාළ ඖෂධය ගෙන එන බවත් ඒවා මෙරට දී යළි පරීක්ෂාවට ලක් නොකරන බවත්ය.

ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට එම එන්නත ලබාදීමෙන් අනතුරුව යම් කිසි සංකූලතාවක් මත එම රෝගියා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එසේම අඳාළ මරණය මෙම එන්නත් හේතුවෙන් ඇති වූ මරණයක් ද යන්න පිළිබඳව සහතිකව කිව නොහැකි බවද ඔහු පවසයි.

මෙන්න කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

මෙන්න කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

එසේ වුවත් අඳාළ Ondansetron VSP 8 mg/A ml (Ondanman 8) එන්නත රෝගීන්ට ලබාදීම තාවකාලිකව නතර කර ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් පවසා ඇත.

ඊට අමතරව මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ ඉන්දියාවේ ලියාපදිංචි සමාගම්වලින් කෙළින්ම මෙරටට ඖෂධ ගෙන්වීමට වත්මන් රජය තීරණය කළ බවත් එලෙස ගෙන්වන ඖෂධ මෙරටදී පරීක්ෂා නොකරන බවත් ය.

එබැවින් ඔහු පෙන්වා දුන්නේ ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ (indian Pharmacopeia) ලියාපදිංචි ඖෂධ මෙරටට ගෙන ඒමෙන් අනතුරුව මෙරට දී එම ඖෂධ පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කළ යුතු බවයි.

මේ බව ඔහු පැවසුවේ කොළඹදී ඊයේ (14) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්

හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්