අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක් එල්ල වෙයි. - සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය නීති විරෝධීයි.

Report

රු. 2000 කට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක ලිපියක් යවමින් දැනුම් දී තිබෙනවා.

සංගමයේ සභාපති ඩී.ජී.ඒ උඩුගම පවසන්නේ, නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දුෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත්ය.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීමේ සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමේදී නිහඬව සිටි මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ජාතික සංඝ සම්මේලනය නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සාධනීය ක්‍රියා කලාපය විවේචනය කිරීම ඉතාමත් කණගාටුදායක බවයි.

එමෙන්ම සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන එම සංගමය එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අද මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිතා කරන බවද පෙන්වා දෙන අතර දැනට වෙළඳපොළේ ඇති නිත්‍යානුකූල බියර්වල ප්‍රමිතිය ගැන නිසි විමර්ශනයක් කළ යුතු බව උඩුගම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ගුරුවරුන්ට පැනවූ ටියුෂන් තහනම එක්වරම නවතියි. - හදිසියේම අලුත් චක්‍රලේඛය නිකුත් කෙරේ. - (VIDEO)

ගුරුවරුන්ට පැනවූ ටියුෂන් තහනම එක්වරම නවතියි. - හදිසියේම අලුත් චක්‍රලේඛය නිකුත් කෙරේ. - (VIDEO)


You May Like This Video