ගුරුවරුන්ට පැනවූ ටියුෂන් තහනම එක්වරම නවතියි. - හදිසියේම අලුත් චක්‍රලේඛය නිකුත් කෙරේ. - (VIDEO)
Ministry of Education
Education
School Children
Teachers
By Wayomi
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා දිනයේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කියා සිටියේ,අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවයි.