රජයේ ප්‍රධාන කාර්යාලයක් තුලට විශාල පිරිසක් කඩා පනී..දැඩි උණුසුම් තත්ත්වයක්.(VIDEO)

Sri Lanka
By Aruna May 05, 2022 05:59 AM GMT
Aruna

Aruna

Report

විදේශ ගමන් බලපත්‍ර සේවා අත්හිටුවීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙහි ප්‍රධාන දොර විවර කරගෙන විශාල පිරිසක් ඇතුලුවී තිබෙනවා.

මේ මේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

විදේශ ගමන් බලපත්‍ර සේවා අත්හිටුවීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට බත්තරමුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් අද උදෑසන ආරම්භ වුණා.

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

මීට දින කිහිපයකට පෙර ද මෙවැනි ම තත්ත්වයක් ඇති වූ අතර, පසු ව එය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණා. අද ඇතිවූ උණුම් තත්ත්වයන් පහතින් නරඹන්න.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now