දෙවන විස්සයි20 න් බංග්ලාදේශයට ලකුණු 83ක ජයක්

Report

අද (13) දින ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දඹුල්ලේ පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරග‍යෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් විය.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට පුළුවන් වූයේ ලකුණු 94ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පැතුම් නිස්සංක ලකුණු 32ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 20ක් රැස් කර තිබුණා.

එමෙන්ම කුසල් මෙන්ඩිස් ලකුණු 08කට දැවී ගිය අතර ලකුණු 05කට නායක චරිත් අසලංකත් ලකුණු 02කට අවිශ්ක ප්‍රනාන්දුත් දැවී ගියේ අවාසනාවන්ත ලෙසින්.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මේ අතර පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් කඩුලු 3ක් දවා ගත් අතර ෂොරිෆුල් ඉස්ලාම් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 2 බැගින් ද මුස්තාෆිසුර් රහ්මන් සහ මෙහිදි හසන් මිරාස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්කම් දැක්වුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම පරාජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි ව ගියා.

මේ වන විට තරගාවලිය කණ්ඩායම් දෙකටම විවෘතව ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන 6වන තරගාවලිය මෙය වන අතර, 2012 වසරේ සිට මේ දක්වා දෙරට අතර පැවති කිසිදු තරගාවලියක් ශ්‍රී ලංකාව පරාජය වී නැත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා