ප්‍රදේශ දෙකක නායයාම් නැවත සක්‍රීයයි - ඉක්මන් පරික්ෂාවට ලක් කළ යුතු ස්ථාන 7කුත් දැනුම්දෙයි

Report

බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද (10) දින උදෑසන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉක්මන් පරීක්ෂාවකට ලක් කළ යුතු බදුල්ල ප්‍රදේශයේ ස්ථාන හතක් හඳුනාගෙන ඇති බව පවසයි.

ඒ අනුව මෙම ස්ථාන ලෙස මොරගොල්ල වසමේ වරලියාව කන්ද හා සිත කැලේ කඳු පන්තිය නාය යන ප්‍රදේශය, ලෙජර් වත්ත කන්ද, නාරංගල කන්ද, තෝබෝවත්ත කොටස, බෝලියද්ද ආයුර්වේද අසල ඉහළ කොටස, දික් පිටිය පහළ කොටස, හා සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භුමිය මෙසේ ඉතා ඉක්මනින් පරීක්ෂාවට ලක්විය යුතු ප්‍රදේශ බවට හදුනාගෙන ඇත.

තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ

තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ

එසේම ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දන්වා ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා.

පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව ඉදිරි කටයුතු පිළිබඳ කඩිනමින් ක්‍රියා මාර්ග ගන්නා බව ද ආපද කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර දෙමෝදර ගල්වල කන්ද සහ මස්පන්නකන්ද ප්‍රදේශයේ නාය යාම මේ දිනවල පවතින වැසි සමග නැවත සක්‍රිය වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ නිවේදන තවදුරටත්

දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ නිවේදන තවදුරටත්

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි