ජනපති අනුරගේ කච්චතිව් ගමන ගැන ඉන්දියාවට ආරංචි වෙලා - බලන්නකෝ කියන දේ

Report

තමිල්නාඩු නළුවකු හා දේශපාලනඥයෙකු වන තලප්ති විජේ විසින් කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගන්නා බව කීමෙන් පසු විශාල ආන්දෝලනයක් ඇති විය. 

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

එයින් දින කිහිපයකට පසු, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම මතභේදයට තුඩු දී ඇති කච්චතිව් දූපතේ හදිසි සංචාරයක නිරත නිතර වීම පිලිබදව ඉන්දියා ටුඩේ වාර්තා කර ඇත.

ජනපතිගේ හදිසි පැමිණීමත් විජේගේ ප්‍රකාශයත් ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද ප්‍රධාන මාතෘකාවක් වී ඇත.

නමුත් ඉන්දියා ටුඩේ වාර්තා කර ඇත්තේ මෙලෙස ජනපති පැමිණීමට හේතුව සුභසාධන යෝජනා ක්‍රම කිහිපයක් ආරම්භ කිරීමට සහ මයිලිඩි ධීවර වරාය පුළුල් කිරීම අධීක්ෂණය කිරීමට බවයි.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

එහිදී ජනපතිගේ සංචාරයත් ඔහු ගමන් කල ස්ථාන පිලිබදවත් එහිදී ජනපති යෝජනා කල නව සැලසුම් පිලිබදවත් වාර්තා කර ඇත. ඉන්දියා ටුඩේ විසින් ප්‍රධාන ලෙසම ජනපති අනුර කුමාර දිසානායක මහතා සිදුකල කතාවේ “අපි විදේශීය ආක්‍රමණිකයන්ගෙන් මුහුද ආරක්ෂා කළ යුතුයි. කච්චතිව් යනු අපගේ ධීවරයින්ට ඉතා වැදගත් ස්ථානයකි. කච්චතිව් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු වී තිබේ.අනාගත පරම්පරාවන් සඳහා අපගේ භූමිය, දූපත්, මුහුදු ප්‍රදේශය සහ අහස ආරක්ෂා කිරීම මගේ වගකීමක්,” යැයි පැවසීම විශේෂයෙන් සැලකිල්ලක් ගෙන වාර්තා කර ඇත.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා