සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට රජයෙන් කාර්යසාධක බලකායක්

Report

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් ලබා ගැනීමේ අරමුණින් රජය විසින් විශේෂ කාර්යසාධක බලකායක් පිහිටුවීමට තීරණය කර ඇත.

මෙම තීරණය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී පැවති සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසියේදී ප්‍රකාශ කරන ලදී.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම කාර්යසාධක බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දු තීරණ ගැනීමේ හැකියාව පවතින බවයි. එමෙන්ම, සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කිරීම, රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයින් මුහුණ දෙන ගැටලු, සහ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට ඇති අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා වූ බවද ඔහු පැවසීය.

කෙහෙල් බද්දර පද්මෙට නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයක් - ප්‍රශ්න කිරීමේදී සියල්ල එළියට

කෙහෙල් බද්දර පද්මෙට නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයක් - ප්‍රශ්න කිරීමේදී සියල්ල එළියට

ඉදිරි සංචාරක ඍතුව සාර්ථක කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන් සමඟ එක්ව ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙම සැසියේදී අවධාරණය කෙරිණි.

මෙම කාර්යසාධක බලකායේ පිහිටුවීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තුඩු දෙන තීරණාත්මක පියවරක් ලෙස සැලකේ. 

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට