මම යට ගියේ කළකිරීමක් නිසා රනිල් මහත්තයාව හිරේ දැම්මම මිනිස්සු දාපු හිනා මූණු, කමෙන්ට් දැක්කම මට වාවන් නැතුව ගියා - හරීන්

Ranil Wickremesinghe Sri Lanka Politician Harin Fernando Sinhala news Colombo politics heat up
By Kaushi Sep 03, 2025 10:02 AM GMT
Kaushi

Kaushi

Report

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට ගැනීම සහ මෙම කාලය තුළ ඔහුගේ නිහඬ බව සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනදී මාධ්‍යවේදියෙක් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ,

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

" යට ගියේ පුද්ගලිකවම දේශපාලන කළකිරීමක් නිසා. මේ දවස්වල මට දරාගන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාව හිරේ දාපු වෙලාවේ අර හිනා මූණු දාපු මිනිස්සු දැක්කම, අර කියපු උසුළු විසුළු කතා දැක්කම මේ රටේ අවුරුදු දෙකහාමාරකට ඉස්සෙල්ලා ෆෝන් එකක් චාර්ජ් කර ගන්න කරන්ට් එක තිබ්බේ නෑ කියලා ඒ ගහන උන්ට තේරෙන්නෙවත් නෑ. ඒ නිසා හරි දුකක් දැනුනා. ඒ කළකිරීම කාලයක් තිස්සෙදි ඉඳන් දැනුනා. ආණ්ඩුව වැටිලා ඉඳලා භාර ගත්තු වෙලාවේ පලවෙනි දවසේ කැබිනට්ටුව තිබ්බ දවසේ පළවෙනි විනාඩි 45 කැබිනෙට්ටුවේ ඇමතිවරු වචනයක් කතා කරන් නැතුව එකාට එකා මූණ බලන් හිටියා තෙල් නැවට සල්ලි ගෙවන්නේ කොහොමද කියලා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

එහෙව් තිබ්බ රටක් මේක. අද මේ සින්දු දාන සද්ද දාන ඔක්කොම මිනිස්සුන්ට අමතක වෙච්ච තැනක් තියෙනවා. ඉතින් ඔච්චර ඉක්මනට සියලු දේ අමතක කරන්න පුළුවන් නම් බොරුවෙන් මිනිස්සුන්ව රවට්ටලා මැතිවරනයක් ජයග්‍රහණය කරන්න පුළුවන් තැනකට වැටෙනවා නම් මේ දේශපාලනය කියන්නේ බොරුවක්. මම ඒක බය නැතුව කියනවා දේශපාලනය ඇතුළේ බොරුවක් තියෙනවා. ඒ බොරුව ඇතුළේ මිනිස්සු බොරු කියලා තමයි මිනිස්සු ජනාධිපති වෙන්නේ නායකයෝ වෙන්නේ ඔක්කොම වෙන්නේ. ප්‍රසිද්ධ තීන්දු ගන්න බෑ දේශපාලනය ඇතුළේ. එහෙම ගත්තම තමයි පරදින්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා. එහෙම කරලත් පැරදුණු මිනිහෙක් එක්ක දේශපාලනය කරලා පැරදුන නිසා පුංචි කාලයක් මේක දරාගන්න ඕනේ වුණා" යනුවෙන් සඳහන් කළා.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්