සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත බලාත්මක කරයි

Report

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය.

පසුගිය සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව, සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත වූ අතර, ඒ අනුව එය 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත.

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි

මෙම පනත මගින් සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් පිහිටුවීමට, 1988 අංක 44 දරන තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, 1988 අංක 46 දරන සූදු ආඥාපනත, සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත ඉවත් කිරීමට, ඒ ආශ්‍රිත හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීමට ප්‍රතිපාදන සලසා ඇත.

මෙම පනතේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා තනි නියාමන ආයතනයක් ලෙස සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමයි. මෙම අධිකාරිය, නෞකාවන්හි සහ කොළඹ වරාය නගරයේ මාර්ගගත හා අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත බලයෙන් යුතුව, සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම සහිත, පුළුල් විෂය පථයකින් යුත් ස්වාධීන නියාමකයෙකු ලෙස ක්‍රියා කරනු ඇත.

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

මුළු උතුරෙම ලස්සන එක තැනක පෙන්නන රීච්චාට ඇමති චන්ද්‍රසේකර්ගෙනුත් අත්පුඩියක්

මුළු උතුරෙම ලස්සන එක තැනක පෙන්නන රීච්චාට ඇමති චන්ද්‍රසේකර්ගෙනුත් අත්පුඩියක්