කෙහෙල් බද්දර පද්මෙට නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයක් - ප්‍රශ්න කිරීමේදී සියල්ල එළියට
සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල් බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතිනවා. සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සිදුකෙරු අපරාධ රැසක් පිළිබඳව මේ වන විට අනාවරණය වෙමින් පවතී.
මේ වන විට කෙහෙල් බද්දර පද්මය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන තිබෙන අතර ප්‍රශ්න කිරීම් වලදී ඔහු නුවරඑළිය ප්‍රදේශයේදී අයිස් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බවට තොරතුරු අනාවරණය කර තිබේ.
එම ප්‍රකාශයට අනුව එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.