ඔයාටත් ලගදිම ලොකු පඩියකට ජපන් යන්න චාන්ස් එකක්
ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම (SLFEA) සහ ජපානයේ එන්ටර් ප්‍රයිස් යුනයිටඩ් කෝපරේටිව් (EUC) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම ගිවිසුමෙන් ප්‍රධාන අරමුණ වන්නේ, සුරක්ෂිත, ක්‍රමානුකූල සහ විධිමත් මාර්ග ඔස්සේ ජපානයේ රැකියා අවස්ථා වැඩි කිරීම සහ කුසලතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය පුහුණුව ලබාදීමයි.
එමඟින් තරුණයන්ට තාක්ෂණික විෂයයන්, ජපන් භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ අධ්‍යාපනය ද සහ පුහුණුව දීමේ හැකියාව සලසා දෙයි. එමෙන්ම, ජපානයේ කුසලතා සහිත ශ්‍රමික හිඟය මඟහරවා ගැනීමත් මෙම වැඩසටහනේ අරමුණකි.
SLFEA සහ ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යාංශය යටතේ පවතින EUC අතර පැවති සාකච්ඡා මගින් මෙම වැඩසටහන ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව සපුගස්කන්ද ජාතික තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීම සඳහා එකඟතාවට පැමිණ ඇත.
ඒ අනුව, අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා SLFEA සහ EUC අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මෙම වැඩසටහනෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ජාත්‍යන්තර අංශයේ රැකියා හැකියාවන් පුළුල් කරගැනීමට, ජපානයේ කුසලතා හිඟය පුරවා ගැනීමට සහ තරුණ ශ්‍රම බලකාය වෘත්තීයමය හා කාර්යක්ෂම ලෙස සම්පාදනයට එක්කොට ගැනීමට විශාල දායකත්වයක් සැලසේ යැයි බලාපොරොත්තු වේ.