ඔයාගේ ගේ ගාව කඩේ මුදලාලිත් මෙහෙම කරනවද? එහෙනම් කරන්න ඕනි දේ මෙන්න
වැඩි මිලට සහල් අලෙවි කළ තවත් වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එමෙන්ම පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පවරා ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර සහල් තොග අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා විකිණීම ප්‍රතික්ෂේප කරමින් සඟවා තබාගන්නා වෙළදුන්ට එහෙිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, එලෙස සඟවන සහල් තොග රාජසන්තක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කරයි.
ඒ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන්නේ නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට පැමිණිලි කළ හැකිය.