මිදිගම සහන් ගුවන්තොටේදී කොටුවේ
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම් නොහොත් ' මිදිගම සහන් නම් අයෙක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (28) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.
වයස අවුරුදු32 හැවිරිදි මොහු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. එසේම ඔහු මාතර සහ පානදුර පොලිස් බල ප්‍රදේශ තුළ මිනිමැරුම්, මංකොල්ලකෑම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති සංවිධානාත්මක අපරාධකරුවෙක් බව ද සඳහන්.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට
තවද වාර්තා වන පරිදී මොහු වන විට අත්අඩංගුවේ සිටින හරක්කටාගේ ගෝලයෙක් වන අතර 'මිදිගම චූටි නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ද සමීපතමයෙක් වශයෙන් කටයුතු කළ අයෙක් බව සඳහන්.
මොහු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. - 1173 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග සඳහා සැකකරු කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට පියවර ගෙන තිබෙන බව පවසයි.
