අශෝක රන්වල ලංකාවෙන් යයි? හේතුව මෙන්න
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
ඒ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගීවීමට බව සඳහන්.
ඊට පෙර ඔහු විසින් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ඒ බව දැනුම් දී ඇති බවද වාර්තා වේ.