ලබන සතියෙ ඉඳන් ට්රම්ප්ගෙන් මේ වාහනවලට 25%ක තීරු බද්දක් - කිව්ව දේ නාහපු නිසා තරහ පිරිමහන ට්රම්ප්
සිය වෙළෙඳ ගිවිසුම් සඳහා සම්පූර්ණ වශයෙන් එකඟ නොවීම නිසා එළැඹෙන සතියේ සිට එක්සත් ජනපදයට යුරෝපයෙන් ආනයනය කරනු ලබන වාහන සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පියවර ගෙන ඇත.
ඒ අනුව සිය Truthsocial ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෝටර් රථ සහ ට්රක් රථ සඳහා මෙම 25%ක තීරු බද්ද පැනවෙන බවයි.
කෙසේ වුවත් ඔවුන් අමෙරිකා එක්සත් ජනපදයේ කම්හල්වල මෝටර් රථ සහ ට්රක් රථ නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරුබද්දක් පැනවෙන්නේ නැති බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්.
එමෙන්ම බොහෝ මෝටර් රථ සහ ට්රක් රථ කම්හල් දැනට ඉදිවෙමින් පවතින බවත් ඩොලර් බිලියන 100කට වඩා ආයෝජනය කර තිබෙන බවත් සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා එය මෝටර් රථ සහ ට්රක් රථ නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාවක් බවද පවසයි.
එසේම මෙම අමෙරිකානු සේවකයින්ගෙන් සමන්විත මෙම කම්හල් ඉක්මනින් විවෘත වනු ඇති බවත් වර්ථමානය වන විට අමෙරිකාව තුළ පවතින මෙම ක්රියාවලිය මින් පෙර කිසි දිනෙක සිදුව නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ වැඩිදුරටත් දැක්වේ.