උප්පරවැට්ටියක්වත්ද? - ආරුගම්බේ ප්‍රහාර අවදානම ගැන බුද්ධි තොරතුරු ලැබුණා නම් අමෙරිකානු නිවේදනය එනකන් හිටියේ ඇයි?

CID - Sri Lanka Police Sri Lanka Police Kanchana Wijesekera
By Wayomi Oct 24, 2024 05:50 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ පෙරවරුවේ අමෙරිකානු තානාපති කාර්යාලය මගින් ආරුගම්බේ ප්‍රදේශයට කිසියම් ප්‍රහාරයක් එල්ල වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයෙන් පසු රටවල් ගණනාවක්ම ශ්‍රී ලංකාව සඳහා වන සිය සංචාරක උපදේශන යාවත්කාලීන කිරීමක් සිදු කළා.

එමෙන්ම ඒ අතරවාරයේ ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක මණ්ඩලය නිවේදනය කළේ, එල්ල වීමට නියමිත යැයි සැක කෙරන ප්‍රහාරය තම වැසියන් ඉලක්ක කරගෙන සිදු වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් තම වැසියන්ට වහාම ශ්‍රී ලංකාවෙන් ඉවත් වන ලෙස හෝ කොළඹ නගරය වෙත පැමිණීමට වහා ම කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් එම ප්‍රකාශය මත පදනම්ව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල X ගිණුම හරහා ප්‍රශ්න කිහිපයක් මතු කර තිබෙනවා.

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

එහි දී ඔහු විමසන්නේ, ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකා රජයට ලැබී ඇති බවත් එය ආරක්ෂක මණ්ඩල රැස්වීම් කිහිපයකදී සාකච්ඡා කර, විමර්ශනය කර, පූර්වාරක්ෂාව සහතික කළ බවට වැඩබලන පොලිස්පතිවරයා විමසුවත්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය පිටවීමට පෙර රජයට තොරතුරු තිබුණේ නම්, නිලධාරීන් මීට පෙර ආරක්ෂාව තර නොකළේ මන්දැයි යනුවෙන්.

එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හමුවක් කැඳවා ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ එවැනි තර්ජනයක් වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජය අපොහොසත් වූයේ මන්ද යන්නත් හිටපු අමාත්‍යවරයා සිය X පණිවිඩය හරහා විමසන අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය කිසිවිටෙක සැහැල්ලුවට නොගත යුතු නමුත් සංචාරක ආදායම රටට වැදගත්ම ආදායම් මාර්ගයක් වන බවයි.

මේ අතර ශ්‍රී ලංකා රජයට කලින් තොරතුරු තිබුණේ නම් සහ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කළේ නම්, ගත් පූර්වාරක්‍ෂාවන් සමඟ සංචාරක උපදේශන අනතුරු ඇඟවීමක් වළක්වා ගත හැකිව තිබූ බව පවසන හිටපු අමාත්‍යවරයා සිය X පණිවිඩය හරහා පවසනවා.

තවද, ජනාධිපතිවරයා සහ සහ විදේශ අමාත්‍යවරයා අවම වශයෙන් දැන්වත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා ගෙන ඇති පියවර පිළිබඳව කෙටියෙන් සඳහන් කර ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඉවත් කිරීමට විදේශ දූත මණ්ඩල සමඟ කටයුතු කළ යුතු බවත් හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය X සටහනෙන් අවධාරණය කරනවා.

අරුගම්බේ ප්‍රහාරයට ලක්ෂ 50ක් වෙන් කරලා. - ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු කොළඹදී කොටුවෙයි.

අරුගම්බේ ප්‍රහාරයට ලක්ෂ 50ක් වෙන් කරලා. - ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු කොළඹදී කොටුවෙයි.

"දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ." - පැය දෙක හමාරකට පසු නාමල් CIDයෙන් එළියට. - (VIDEO) (UPDATE)

"දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ." - පැය දෙක හමාරකට පසු නාමල් CIDයෙන් එළියට. - (VIDEO) (UPDATE)