"දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ." - පැය දෙක හමාරකට පසු නාමල් CIDයෙන් එළියට. - (VIDEO) (UPDATE)
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.
අද පෙරවරු 09.00ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ ප්රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්ය.
................................UPDATE....................................................................
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ ප්රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්.
ප්රශ්නය - ඇයි හදිසියේ කැඳවලා තියෙන්නේ ?
"දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ."
කාරණාව දන්නේ නැද්ද ?
"කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්."