අරුගම්බේ ප්‍රහාරයට ලක්ෂ 50ක් වෙන් කරලා.? - ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු කොළඹදී කොටුවෙයි.? - ඇමති විජිත ප්‍රකාශයක්.

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Wayomi Oct 24, 2024 06:09 AM GMT
Wayomi

Wayomi

Report

ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් පසුගිය 12 වැනි දා සිට 27 වැනි දා දක්වා කලයේදී කිරීමට සැලසුම් කර ඇති බවට දුන් ඉන්දීය බුද්ධි සේවාවක් මෙරට ආරක්ෂක බලධාරීන්ට දැනුම් දී ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මෙම ප්‍රහාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත් බව කියන පුද්ගලයන් තිදෙනෙකු කොළඹ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කොන්ත්‍රාත්තුව භාර දුන් පසු මෙම පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබා දී ඇති බවත් ප්‍රහාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් පසු කෝටි ගණනක මුදලක් ලබා දීමට නියමිතව තිබෙන බවත් ඉහළ පෙළේ එම පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ලැබුනා.

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

 

බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

බිත්තර මිල පහලට.- විශේෂ තීරණයත් සමඟ නවබ් බිත්තර මිල ගණන් මෙන්න.

කොළඹ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම දෙදෙනාගෙන් එක් අයෙකු යාපනය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බවත් අනෙකා කොළඹ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් එම පොලිස් ආරංචි මාර්ග අනාවරණය වී ඇත.

යාපනයේ පදිංචි පුද්ගලයා මේ වන කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, කොළඹ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් අද මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ,මෙම සිද්ධිය ප්‍රහාරයක් නොවන බවත් රටතුළ යම් කැළඹීමක් ඇති කිරීමේ අරමුණින් දේශීය පිරිසක් විසින් සිදුකරගෙන යන ප්‍රචාරයක් බවටත් තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම එම පුවතේ සඳහව තිබූ ඉන්දීය බුද්ධි අංශ සහ මුදල් සංසරණයක් සම්බන්ධ තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)