ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)
තඹුත්තේගම පදිංචිකරුවකු වන දර්ශන නුවන් බණ්ඩාර වීරසේකර යන අය විසින් 2011 අංක 42 දර්න මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් අනවසර තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙම පුද්ගලයා කිසිදු ආකාරයකින් මහජනතාවගේ තැන්පතු භාර ගැනීම සිදුනොකළ යුතු බව හා ඔහු විසින් ලබා ගෙන ඇති සියලුම බාහිර තැන්පතු වගකීම් ආපසු ගෙවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධාන කර ඇත.
