ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් මෙරට තුළ ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ත්‍රිකුණාමලයේ අද (23) පැවැති ජනරැලියකට එක්වෙමින්.
"මේ තෙල් ටැංකි සංකීරණය තමුන්නාසේලා ගේ ඇස් ඉදිරිපිට දිර දිරා යනවා. දශක කීයක්ද? එතන තෙල් ටැංකි 99ක් තියෙනවා. ඒකෙන් 24ක් තෙල් සංස්ථාවට අයිතියි. ඒ 24න් 03ක්, ඔයගොල්ලෝ දන්නවා පෞද්ගලික සමාගමක් වතුර පුරවනවා. 21ක් තෙල් සංස්තාවට අයිතියි. අපි ඒක ප්‍රතිසංස්කරණය කරලා මේ පළාතට තෙල් බෙදා හරින මධ්‍යස්ථානය බවට පත් කරනවා. තව LIOC එකට අයිති ටැංකි ප්‍රමාණයක් තියෙනවා. අමතරව ගත්තාම ටැංකි 63ක් විතර ඉතුරුවෙනවා. ඒක තෙල් සංස්ථාවයි LIOC එකයි ඒකාබද්ධ සමාගමක් බවට අපි දැන් පත්කරනවා. පත්කරලා ලංකාවට නෙමෙයි, ලංකාවෙන් එළියට තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් ගොඩනගනවා. අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා. ඒක වඩාත් දියුණු වුණොත් අපි පිරිපහදුවක් ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ නිසා තෙල් වෙළෙඳාමේ හබ් එකක් බවට මේ ත්‍රිකුණාමලය පත්කරන්න පුළුවන්."
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        