රට වෙනුවෙන් කැපවූ රටට ණය නැති විරුවන්ට පිදෙන පොපි මල් සැමරුම ලබන 24 වැනිදා ...
By Piyumika
වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ලබන 24 වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පිහිටා ඇති යුද විරු ස්මාරකය අසලදීයි.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය හා එම සංගමය යටතේ ක්‍රියාත්මක සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි කමිටුව නිසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධාන කරනු ලබනවා.
ලෝකය පුරා සියලු රටවල, පළමු ලෝක යුද්ධයේ සිට මේ දක්වා රට වෙනුවෙන් දිවි පිදු හා ආබාධිත තත්ත්වයන්ට පත් වූ රණවිරුවන් සිහි කිරීම උදෙසා ජාත්‍යන්තර පොපි සැමරුම් උත්සවය සෑම වසරකම නොවැම්බර් මාසයේදී සමරනු ලබනවා.