ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්නේ නෑ කිව්වම අනුර කුමාර පිටරට සවාරී ගිය හැටි.

Anura Kumara Dissanayaka Duminda Dissanayake Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 29, 2024 12:07 PM GMT
Wayomi

Wayomi

Report

අපි නිහඬ වුණොත්, බැරි වෙලා හරි මේ ජයග්‍රහණය වෙන කෙනෙකුට ගියොත් මේ රට නැවත වතාවක් කඩා වැටිලා, අපිට මුල ඉඳන් ආපහු පටන් ගන්න වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අනුරාධපුර බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව සංවිධානය කළ කොට්ඨාශ කමිටු සමඟ පැවති සාකච්ජාවකදීය.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, මුදල් රාජ්‍යය අමාත්‍යය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, එස්.සී මුතුකුමාරණ, හිටපු අමාත්‍යය, පී හැරිසන් යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශීය දේශපාලඥයින් හා එම පක්ෂ වල කොට්ඨාශ නියෝජිතයින්ද සහභාගී වී සිටියා.

මෙම සාකච්ජාවේදී ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මැතිවරණයේ බටහිර ආසනයේ මැතිවරණ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබුවා.

තව එක පෝයකින් රට අනුරට ද? අනුර ඇතුලට ද? - අත්අඩංගුවට ගන්න කියන්න CID යට ගිය කට්ටිය මෙන්න.

තව එක පෝයකින් රට අනුරට ද? අනුර ඇතුලට ද? - අත්අඩංගුවට ගන්න කියන්න CID යට ගිය කට්ටිය මෙන්න.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අදහස් දක්වා තිබුනේ මෙලෙසින්,

"අපේ ප්‍රතිවාදී අපේක්ෂකයින් දෙන්නාම අපිට වඩා බොහෝ කාළයකට කලින් මැතිවරණ වැඩකටයුතු ආරම්භ කළා, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශීය සභා මැතිවරණය කාළයේම මේ වැඩ කටයුතු ආරම්භ කළා, ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්නේ නෑ කිව්වම අනුර කුමාර මැතිතුමා පිටරට සවාරී ගියා, හැබැයි ඊට පස්සේ ජනාධිපතිවරණය පිළිබඳව පහුගිය අවුරුදු 02 ක පුරාවටම කැම්පේන් එක ආරම්භ කරලා තිබුණා.

හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය කියන ප්‍රධාන පක්ෂ 03 ,අපි කවුරුත් මැතිවරණයක් ඉලක්ක කරලා වැඩපිළිවෙලක් අපි කලේ නෑ, ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට 03 පාරක් ගෙයින් ගෙට ගිහින් තියෙනවා.

මහින්ද රාජපක්ෂගේ බැංකු කාඩ් එකෙන් සල්ලි ඉස්සු? - ‘මෝඩ යකා’ ආයෙත් පොහොට්ටුවට. - මාධ්‍ය මඟහැර පලා යන අයුරු (VIDEO)

මහින්ද රාජපක්ෂගේ බැංකු කාඩ් එකෙන් සල්ලි ඉස්සු? - ‘මෝඩ යකා’ ආයෙත් පොහොට්ටුවට. - මාධ්‍ය මඟහැර පලා යන අයුරු (VIDEO)


සජිත් ප්‍රේමදාස මහත්තයලා, අනුර කුමාර මහත්තයලා, මීට අවුරුදු 1 ½ කට කලින් මේ වැඩේ පටන් ගත්තත්, ඒ ගොල්ලන්ට වඩා අපිට තියෙන හයිය මොකක්ද? වෙනදා අපි තනි තනි පක්ෂ වශයෙන් අපේක්ෂකයෝ දැම්මා, එදා අපි බෙදිලා හිටියේ, හැබැයි දැන් මේ පක්ෂ 03 ම අද එකට එකුත වොල තමයි, අර සියලු අපේක්ෂකයොත් එක්ක හැප්පෙන්නේ,ඒ ගොල්ලන්ට තියෙන්නේ එක පක්ෂයක හයියක්, හැබැයි අපේ පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය කියන මේ කඳවුරු 03 ම තියෙනවා.අවුරුදු කීපයකට කලින් ඒ අය පටන් ගත්තත්, අපිට මේ මාසය ඇති සැප්තැම්බර් මාසේ 21 වැනිදා වෙන කොට අපේ අපේක්ෂකයා වෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි සියලුම ආසන සංවිධායකවරුන්ට, සියලුම කොට්ඨාශ සංවිධායකතුමන්ලාට අපි කියලා තියෙනවා පරණ තියෙන ආරවුල් ටික ආයේ ඔලුවට ගන්න එපා කියලා, මොකද ඒ ආරවුල් ටික හිතුවොත් එහෙම අපිට එකතු වෙලා වැඩ කරන්න බෑ, අපිට නොයෙකුත් ප්‍රශ්න තිබුණා, ප්‍රශ්න තියෙනවා, හැබැයි ඒ සියල්ලම පැත්තකින් තියලා තමයි අපි මේ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්න්නේ, මොකද එක පැත්තකින් අපේ කඳවුර ජයග්‍රහණය කළ යුතුයි, අනෙක් පැත්තෙන් ගත්තොත් එහෙම අපි නිහඬ වුණොත්, බැරි වෙලා හරි මේ ජයග්‍රහණය වෙන කෙනෙකුට ගියොත් මේ රට නැවත වතාවක් කඩා වැටිලා, අපිට මුල ඉඳන් ආපහු පටන් ගන්න වෙනවා.

ඒ ගමනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පරණ තිබුණ සියල්ලම පැත්තකින් තියලා, අලුත් ගමනක්, අලුත් ආරම්භයක් තමයි අපි ගන්නේ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම විදිහට අපි පැහැදිළිවම කියනවා අපි කිසිම භේදයකින් තොරව, කිසිම පක්ෂ භේදයකින් තොරව, ඉතිහාසයේ වෙච්ච සියලු දේවල් පැත්තකින් තියලා අපි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ."  

රාජ්‍ය සේවයේ අවම වැටුප රු. 57,500ක් . - සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය මෙන්න.

රාජ්‍ය සේවයේ අවම වැටුප රු. 57,500ක් . - සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය මෙන්න.