රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

Ranil Wickremesinghe
By Wayomi Aug 29, 2024 05:29 AM GMT
Wayomi

Wayomi

Report

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මීට සුළු මොහොතකට පෙර සිදු කෙරුනා.

ජනපති රනිල්ගේ දිනවන වසර 5 එළිදකියි. - (VIDEO)

ජනපති රනිල්ගේ දිනවන වසර 5 එළිදකියි. - (VIDEO)


අනෙක් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් වන පරිදි වසර 5කට පමණක් සීමා වූ ක්ෂණික ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම මෙහි විශේෂත්වයයි.

අධ්‍යාපනය ක්ෂේශ්ත්‍රයට වගේම රාජ්‍ය සේවකයින්ට මාස 5ක නිවාඩුවක් සමඟ වෘතීය පාඨමාලාවන් සඳහා ද මෙහිදී විශේෂ ව්‍යපෘති ක්‍රියාත්මක වේ. 

ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)

ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)


"රනිල් සමග රට දිනවන වසර 5ක්" යන තේමාව ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇති අතර එම සම්පූර්ණ ප්‍රතිපත්ති ගැන දැනගන්න, 

[රනිල් සමග රට දිනවන වසර 5ක් - click කරන්න.]


රාජ්‍ය සේවය

2025 පාදක වසර ලෙස සලකා සියලුම රාජ්‍ය සේවකයින්ට ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා..

එහි තවදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු 55,000ක් ලෙසත් අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගලපන බව ද ජනාධිපතිවරයා සිය පස් අවුරුදු සැලැස්ම තුළින් එළිදක්වා ඇත.
🟡වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම.
🟡 රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.
🟡කුසලතාව මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක්.
🟡 රාජ්‍ය සේවය කාර්යක්ෂම හා විධිමත් තලයකට ඔසවා තැබීමට ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනමින් ලබාදීම.
🟡රජයේ නව නිවාස වැඩ පිළිවෙලේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම.
🟡ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබාදීමටත් කටයුතු කරනවා.
🟡 නිවසේ සිට රාජකාරී ඉටු කළ හැකි සේවාවවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර ලබාදෙනවා.
🟡නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.
🟡විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම.


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

🟡 නවීන පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රට පුරා ඉදි කිරීම.
🟡ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කිරීම.
🟡ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.


විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව

🟡ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මුලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 දී පාර්ලිමේන්තුවට.
🟡සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටත්, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම.
🟡ඔවුන් සඳහා වූ ගොඩනැගිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපීව සංශෝධනය.
🟡විශේෂ රැකියා කෝටාවක්.