රාජ්‍ය සේවයේ අවම වැටුප රු. 57,500ක් . - සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය මෙන්න.

Sajith Premadasa Samagi Jana Balawegaya Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 29, 2024 11:49 AM GMT
Wayomi

Wayomi

Report

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වනු ලැබුවා.

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කර ඇති අතර සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතයි.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.


සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පහතින්,

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සෑම පුරවැසියෙකුම බලගැන්වීම

රාජ්‍ය සේවය නංවාලීම

ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

රාජ්‍ය ආරක්ෂාව

ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආදායම්, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ ණය ආශ්‍රිත ඉලක්ක සපුරාලීම සඳහා දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු නොකඩවා සිදු කරන්නෙමු.

කාන්තාවන් සහ ළමුන් සවිබලගැන්වීම...

🟡සෑම ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය කෙරෙන පරිදි දිවා සුරැකුම් මධ්‍යස්ථාන.

🟡සේවා බළකාය තුළ වඩා ඉහළ කාන්තා සහභාගීත්වයක් සඳහා අවශ්‍ය දිරිමත් කරවීම් සිදු කෙරේ.

🟡මාතෘත්ව නිවාඩු පිරිවැය රජය විසින් දරනු ඇත.

🟡සෑම පොලිස් ස්ථානයකම ඇති කාන්තා හා ළමා කාර්යාංශ පැය 24 පුරාම විවෘතව තබනු ඇත.

🟡ක්ෂුද්‍ර ණය ආයතන නියාමනය බලගැන්වෙනු ඇත.

🟡අනවසර ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර වසා දමනු ඇති අතර ඒවාට වගකිව යුත්තන් සම්බන්ධයෙන් දණ්ඩන ක‍්‍රියාමාර්ග කඩිනම් කෙරෙනු ඇත.

🟡ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා සහාය වැඩසටහනක්.

🟡සේවක අර්ථසාධක අරමුදල/ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා සනාථ කෙරෙන පරිදි 50% ඉක්මවා කාන්තාවන් සේවා නියුත්ක කෙරෙන තෝරාගත් අංශයන්හි සමාගම් වෙත බදු ප‍්‍රතිලාභ ලබාදෙනු ඇත.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පාසල් සිසුන් ගැන ඇසෙන භයානක හෙළිදරව්වක්.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පාසල් සිසුන් ගැන ඇසෙන භයානක හෙළිදරව්වක්.


රාජ්‍ය සේවය...

🟡සමස්ත රාජ්‍ය සේවයම ප‍්‍රතිසංවිධානය කිරීම.

🟡රාජ්‍ය සේවයේ සියලුම බඳවා ගැනීම්, පත්කිරීම් සහ අනුයුක්තකිරීම් කුසලතා මත පදනම්ව සිදු කෙරේ.

🟡රාජ්‍ය අංශයේ මාසික ජීවන වියදම් දීමනාව දැනට ලබාදෙන රු. 17,800 සීමාවේ සිට රු. 25,000ක අවමයක් දක්වා ඉහළ නංවනු ඇත.

🟡රජයේ සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීම

🟡රාජ්‍ය සේවය සඳහා අදාළවන අවම මූලික මාසික වැටුප (දැනට ශ්‍රේණි සඳහා අදාළ අනුපාතයන්ම ත පදනම්ව) 24%කින් ඉහළ නැංවෙනු ඇත.

🟡රාජ්‍ය සේවයේ අවම දළ වැටුප රු. 57,500ක් වනු ඇත.

🟡2016 සිට බඳවා ගත් සියලුම රජයේ සේවකයින්ට විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහය අනුව ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ලබාදීමට යෝජනා කරමු.

🟡දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන නිලධාරීන්ට රැකියා වෙ‍‍ළෙඳපොළ තුළ තරඟකාරීව රැකියා අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබෙන පරිදි සුදුසු වෘත්තීය පුහුණුවීම් ලබා ගැනීමට රජයේ අනුග‍්‍රහය ලබා දෙනු ඇත.


නිවාස හා පොදු පහසුකම්...

🟡අඩු ආදායම්ලාභි සහ මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක‍්‍රම ඉදිකිරීම සඳහා රජය සතු ඉඩම් ලබාදෙනු ඇත.

🟡විවිධාංගීකරණය වූ නිවාස යෝජනා ක‍්‍රමය තුළ ග‍්‍රාමීය, නාගරික, කඳුරට, ආපදාවන්ගෙන් බලපෑමට ලක්වූ පළාත් සහ ධීවර ප‍්‍රජාවන් ප‍්‍රමුඛතාගත කෙරෙනු ඇත.

🟡ඉදිකිරීම අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇති අධික බදු ඉවත් කර ඉදිකිරීම් වියදම අඩු කෙරේ.

🟡සිය පළමු නිවාස ඒකකය මිලදී ගනු ලබන හෝ නිවාස ඉදිකිරීම සඳහා පළමු ඉඩම් කට්ටිය මිලදී ගනු ලබන කුටුම්භයන් සඳහා අවම පොළියට දිගු කාලීන ගෙවුම් විකල්ප මත විශේෂ නිවාස ණය යෝජනා ක‍්‍රමයක්. (දෙ-පරපුරු ණය -Two Generation Loan)

තව එක පෝයකින් රට අනුරට ද? අනුර ඇතුලට ද? - අත්අඩංගුවට ගන්න කියන්න CID යට ගිය කට්ටිය මෙන්න.

තව එක පෝයකින් රට අනුරට ද? අනුර ඇතුලට ද? - අත්අඩංගුවට ගන්න කියන්න CID යට ගිය කට්ටිය මෙන්න.


විදෙස්ගත ශ‍්‍රමිකයන් සහ සේවා නියුක්තිය...

🟡විදෙස්ගත සේවා නියුක්තිකයන් සඳහා වූ නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් බදු නිදහස් වැඩසටහනක් රජය විසින් ක‍්‍රියාත්මක කරනු ඇත.

🟡විදේශ ප්‍රේෂණ මත පදනම්ව විදුලි වාහන සඳහා වාහන බලපත‍්‍ර නිකුත් කිරීමට නව ක‍්‍රමවේදයක්.

🟡විදේශගත ශ‍්‍රමිකයින්ට විදේශයන්හි සිට ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැකි වන පරිදි මැතිවරණ නීතිය සංශෝධනය කරනු ලැබේ.

🟡පෞද්ගලික අංශයේ සියලු සේවා නියුක්තිකයන්ට දායකත්ව රක්ෂණාවරණ ක‍්‍රමයක් සහ විශේෂ නිවාස වැඩසටහනක් ක‍්‍රියාවට නංවනු ඇත.

🟡ගෘහ සේවය නියාමනය කිරීම සඳහා නීති පැනවීම.


නීතිය හා සාමය...

🟡පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (1) (ඇ) වගන්තිය ප‍්‍රකාරව විධිමත් ලෙස බලය පවරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවක් මාස 3ක් තුළ පිහිටුවනු ඇත.

🟡එම කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පාස්කු ඉරුදින ප‍්‍රහාරය සඳහා වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණයක් මගින් දිනපතා නඩු විභාග කර දඬුවම් ලබා දීම රජයේ ප‍්‍රමුඛ වගකීමක් ලෙස සළකනු ලැබේ.

🟡දැනට හඳුන්වාදී තිබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නව නීතියක් ස්ථාපිත කරනු ඇත.

🟡වෛරී ප‍්‍රකාශ පැතිරීම වැළැක්වීමට අවශ්‍ය නීති යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට රජය කැපවී සිටී.

🟡වසර 5ක් ඇතුළත අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කෙරෙනු ඇත.

🟡පුරවැසියන් වෙත සෑම වර්ගයකම නඩු සඳහා නීති ආධාර ලබා දීම තහවුරු කෙරේ.

🟡දේශපාලනික හේතු මත ඉල්ලා අස්කරගෙන ඇති අපරාධ නඩු නව රජය බලයට පත්වී මාස 03ක් ඇතුළත නැවත පැවරීමට කටයුතු කරනු ඇත.

🟡ආර්ථික අර්බුදයෙන් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ට ඉදිරියටත් එම අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ගෙන් වන්දි ලබා ගැනීමට හැකිවන පරිදි අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සහාය ලබා දෙනු ඇත.

මහින්ද රාජපක්ෂගේ බැංකු කාඩ් එකෙන් සල්ලි ඉස්සු? - ‘මෝඩ යකා’ ආයෙත් පොහොට්ටුවට. - මාධ්‍ය මඟහැර පලා යන අයුරු (VIDEO)

මහින්ද රාජපක්ෂගේ බැංකු කාඩ් එකෙන් සල්ලි ඉස්සු? - ‘මෝඩ යකා’ ආයෙත් පොහොට්ටුවට. - මාධ්‍ය මඟහැර පලා යන අයුරු (VIDEO)


අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තාරුණ්‍යය...

🟡රජය ශ‍්‍රී ලංකාව පුරා සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම් සපයනු ඇත.

🟡අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ සේවා ගැටලු විසඳීම සඳහා 2025 ජනවාරි මාසයට පෙර ප‍්‍රතිපත්තිමය තීරණ ගනිමින් ක‍්‍රියාකාරී සැලැස්මක්

🟡සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කිරීම සඳහා මාර්ග සිතියමක්


සම්පූර්ණ විසිතර පහතින්,.Click කරන්න