"රට පුරා සිටින තරුණ තරුණියන් අනුර ගෝ ගම ආරම්භ කරන්න සුදානම්" - නිරෝෂන් පාදුක්ක
සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට දුෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු සහ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සහභාගි විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, දුෂණයට එරෙහිව සමගි ජන බලවේගය ගන්නා ක්‍රියාමාර්ග සහ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.
"දේශබන්දු තෙන්නකොන් මහතාව පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට හිටපු ජනතාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සහායක් ගනු ලැබුවා. නමුත් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම් මහතා දේශබන්දු තෙන්නකොන් මහතාව පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහිව සිය විරෝධය පලකරනු ලැබුවා.
ඒ වගේම දේශබන්දු තෙන්නකොන් මහතාව පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහිම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නඩු පැවැරුවේ සමගි ජනබලවේගය ඇතුළු පාර්ශ්ව 12 ක්. ඒ පාර්ශ්ව 12 තුළ ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජනබලවේගය සිටියේ නෑ.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය දේශබන්දු තෙන්නකොන් මහතාව පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් දැරුවේ නිහඩ ප්‍රතිපත්තියක්. නමුත් සමගි ජනබලවේගය ඇතුළු පාර්ශ්ව 12 ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් දේශබන්දු තෙන්නකොන් මහතාගේ පත්විම බලරහිත කරන්න හැකියාව ලැබුණා.
කෙසේ නමුත් දේශබන්දු තෙන්නකොන් මහතාව පොලිස්පතිධුරයෙන් ඉවත් කිරීම සිදුවන්නේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගනු ලැබු තින්දුවක ප්‍රතිඵලයක් ලෙස බව අනුන්ගේ ළමුන්ට උප්පැන්න සහතික ලියන්න බලාපොරොත්තුවෙන් සිටින ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට මතක් කර දිය යුතුයි.
ඒ වගේම දේශබන්දු තෙන්නකොන් මහතාව පොලිස්පතිධුරයෙන් ඉවත් කිරීම රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලි අරුක්ගොඩ මහත්තයාට වගේම බස්නාහිර පළාත් කොමසාරිතුමියටත් හොද පාඩමක්. ඒ වගේම දේශපාලන අධිකාරියට අවශ්‍ය පරිදි රාජකාරි කටයුතු කළහොත් ලැබෙන ප්‍රතිඵලය අයහපත් බව රාජ්‍ය නිලධාරින් මෙම සිද්ධිය හරහා තේරුම් ගත යුතුයි.
කෙසේ නමුත් රටේ 36 වැනි පොලිස්පතිවරයා ඉවත් කිරීමේ සම්පුර්ණ ගෞරවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට , කබිර් හෂිම් මහතාට සහ දේශබන්දු තෙන්නකොන් මහතාට විරුද්ධව විශ්වාසභංගය ගෙන ආ සමගි ජනබලවේගයට ලැබිය යුතුයි.
ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා , කබිර් හෂිම් මහතා විරුද්ධව ඡන්දය ලබාදුන්න නිසා තමයි දේශබන්දු තෙන්නකොන් මහතාට පොලිස්පති ධුරය අහිමි වුණේ. දේශබන්දු තෙන්නකොන් මහතාගේ ධුරය එදා සම්මත වී තිබුණානම් අදටත් පොලිස්පති දේශබන්දු තෙන්නකොන්.
ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ සජිත් ප්‍රේමදාස මහතා. ඒ වගේම කෙහෙළියට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන අවස්ථාවේදී පක්ෂ නායක රැස්විමේදී අනුර දිසානායක සහාය ලබාදුන්නේ නෑ. ඒ වගේම පොලිස්පති ලෙස දේශබන්දුව පත් කිරිමෙ විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ගියේ නිරෝෂන් පාදුක්ක. ඊට පස්සේ තමයි පාර්ශ්ව 12 ක් දේශබන්දුව පත් කිරිමෙ විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ගියේ.
නමුත් ඒ පාර්ශ්ව 12 තුළ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ කිසිම පුද්ගලයෙක් සිටියේ නෑ. ඒ වගේම අනුර දිසාසානායක ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂයේ සිටින විට දේශබන්දු තෙන්නකොන් මහතාට විරුද්ධව කතා කළේ නෑ.
ඒ වගේම ගම්වල තරුණ තරුණියන්ගේ කුසලතා මර්දනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ පක්ෂ යාන්ත්‍රණය භාවිතා කිරීමට එරෙහිව රටේ ස්වාධීන තරුණ තරුණියන් පෙළ ගැසී සිටිනවා.
කෙසේ නමුත් ගෝඨාභයව වසර එක හමාරකින් පන්නා දැමූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජනතාවට එතරම් කාලයක් ලබානොදෙන බව වසන්ත සමරසිංහ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුව පාතාලය මර්දනය කරන්නේ නැතිනම් , ජාතික ජනබලවේග ආණ්ඩුව ආර්ථිකය ශක්තිමත් කරන්නේ නැතිනම් ජනතාව අනුර ගෝ ගම හදන බව සුනිල් හදුන්නෙත්ති ඇමැතිවරයා ප්‍රකාශ කරලා තිබුණා.
ඒ වගේම රට පුරා සිටින කුසලතා පිරි ස්වාධින තරුණ තරුණියන් අනුර ගෝ ගම ආරම්භ කරන්න සුදානම්. අවුරුදු 45 ක් තරුණ සේවා සභාව විශ්වාස කළ තරුණ තරුණියන්ට දේශපාලන බලපෑම් කළ ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජනබලවේගයට එරෙහිව , අනුර දිසානායක ජනාධිපතිවරයාට එරෙහිව රටේ තරුණ තරුණියන් පෙළ ගැසී සිටිනවා.
ඒ වගේම කෙසේ හෝ ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජනබලවේගයට ගම්වල යෞවන සමාජවල බලය ලබාදීමේ කූඨ අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍රය පරාජයට පත් කළ යුතුයි. ඒ වගේම රටේ තාරුණ්‍ය තුළ අනුර දිසානායක ජනාධිපතිවරයා කෙරෙහි තිබෙන අවිශ්වාසය සහ වෛරය කැකැරෙමින් පවතිනවා. ඒ වගේම අනුර දිසානායක මහතා ජනාධිපතිධුරයට පත්වී සැප්තැම්බර් මාසයට වසරක් වෙනවා. සැප්තැම්බර් මාසයේ සිට අනුර දිසානායක ජනාධිපතිවරයාට අපි ලබාදි තිබෙන කාලය අවසන් වෙනවා.
ඒ වගේම සමගි ජනබලවේගය අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික ලියන්නේ නෑ. ඒ වගේම ජාතික ජනබලවේග සහ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව කුසලතා පිරි ස්වාධීන තරුණ තරුණියන්ට වන අසාධාරණය සම්බන්ධයෙන් රටේ සිටින ස්වාධීන තරුණ තරුණියන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමුවෙලා සාකච්ඡා පැවැත්වුවා.
ඒ සම්බන්ධයෙන් අපි දැඩි සේ කණගාටු වෙනවා. ඒ වගේම අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවට කවදාවත් තරුණ්‍යයට අවශ්‍ය අනාගතය සකස් කරන්න බැහැ. ආණ්ඩුව තරුණයන්ගේ ඔලුවලට ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය ලබාදෙන්න උත්සහ කරනවා. ඒ වගේම සමගි ජනබලවේගය කිසි දවසක රටේ තරුණ තරුණියන් උසිගන්වන්නේ නෑ. නමුත් තාරුණ්‍ය රැඩිකල් බව අනුර දිසානායක මහතා දැන ගත යුතුයි. ඒ වගේම රටේ තාරුණ්‍යයට අත තිබ්බොත් ආණ්ඩුවට වැඩ වරදියි.
ඒ වගේම අනුර දිසාසානාය මහතා ජනාධිපතිධුරය ඉල්ලුව ඒකත් ජනතාව දුන්නා , ඉන්පසුව ආණ්ඩු බලය ඉල්ලුවා ඒකත් ජනතාව ජාතික ජනබලවේගයට ලබාදුන්නා. ඒ වගේම පළාත් පාලන ආයතනවල බලයත් ඉල්ලුවා එකත් ජනතාව ජාතික ජනබලවේගයට ලබාදුන්නා. දැන් ගම්වල තිබෙන සිවිල් ආරක්ෂක කමිටුවල බලයත් ඉල්ලනවා.
ඒ වගේම ගම්වල සිවිල් ආරක්ෂක කමිටු හදන්න ජාතික ජනබලවේගයට කත් අදින පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ලැයිස්තුව අපි සතුව තිබෙනවා. ඒ වගේම දේශබන්දු මහතාට අත්වුණ ඉරණම හොදින් මතත තබාගෙන වැඩ කරන්න කියලත් අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගම්වල තිබෙන යෞවන සමාජවල බලයත් ජාතික ජනබලවේගය ඉල්ලනවා. කෙසේ නමුත් ඉදිරියේදී ජාතික ජනබලවේගයේ ගම්වල තිබෙන මහිලා සමිතියේ , වැඩිහිටි සමිතියේ , මරණාදාර සමිතියේ බලය ඉල්ලයි. මෙය ආණ්ඩුවේ උදවියට තිබෙන මානසික රෝගයක්."
