තවත් මාරක රිය අනතුරක් - එක් අයෙක් මරුට

By Hashini May 24, 2025 02:20 AM GMT
Report

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (24) අලුයම 2.45ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වාහන බලපත්‍ර ගන්නනම් මේකත් කරන්නම වෙනවා

වාහන බලපත්‍ර ගන්නනම් මේකත් කරන්නම වෙනවා

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් බස් අනතුරක්...22ක් රෝහලේ

තවත් බස් අනතුරක්...22ක් රෝහලේ