තවත් බස් අනතුරක්...22ක් රෝහලේ
අද (24) අළුයම නුවරඑළිය, ටොපාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී තිබෙනවා.
ඉන් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම මාර්ගයේ වංගුවක් ලබා ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි 22දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.
මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
ඔවුන් කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී ඇත.
නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.