අනේ මොකක්ද මේ වෙන්නේ? භාතිය වගේම තවත් හස්තියෙක් පන අදියි

Sri Lanka Elephants Department Of Wildlife Medicines Sinhala news
By Mithu Jul 16, 2025 12:55 PM GMT
Mithu

Mithu

Report

වන අලින්ට නිරන්තරයෙන් සිදුවන විවිධ මානව ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්වී තිබේ. පසුගිය දවසක ඒ ආකාරයෙන් දරුණු ලෙස තුවාල ලැබූ භාතිය නැමැති හස්ති රාජයා සියලු ප්‍රතිකාර හමුවේ පැරදී ජීවිතයට සමු දුන්නා. ඒ වගේම තවත් අවාසනාවන්ත කතාවක් කණ්ඩලම ප්‍රදේශයෙන් කන වැකුණා.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

කණ්ඩලමේ හැඩකාරයා" නමින් හඳුන්වන වනඅලියාගේ ඉදිරි පාදයට වෙඩි වැදී වැදීම හේතුවෙන් වනඅලියා ඉතා අපහසුවෙන් සිටින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. ඔවුන්ගේ දැනුම්දීම මත මාස ගණනාවක සිට වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකදීම මෙම වනඅලියාට ප්‍රතිකාර සිදුකර තිබේ.

ඒ අනුව, වන අලියාට ආහාර ලබාදීම සිදු නොකරන්නැයි වනජීවී නිලධාරීන් ජනතාවට දැනුම් දී ඇත. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වෙඩි වැදීම හේතුවෙන් වනඅලියා වනයේ සැරිසරන්නේ නොමැතිව කණ්ඩලම වැව ආශ්‍රිතව පමනක් සිටින බැවින් අලියාට ආහාර හිඟයක් පවතින බවය.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

ඒ අනුව, ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් වන අලියා සිටින ස්ථානයට හැකි පමණින් සුළු ආහාර ප්‍රමාණයක් ගෙනවීත් දමා ඇති අයුරු දැකගත හැකිය. මේ අතර, වනඅලියාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බවත් පරිසර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම වනඅලියාගේ සුවදුක් විමසීමට පසුගිය දා පැමිණ ඇති බවත් වාර්තා වේ. වනජීවී නිලධාරින් ද වනඅලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විවිධ උපක්‍රමශීලීව ප්‍රතිකාර කිරීම් සිදුකර කරන බවට වාර්තා වේ.

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

ReeCha