මහ බැංකුවෙන් බැංකුවලට ලීසිංවලට විශේෂ දැනුවත් කිරීමක්, ආයේ ණය දෙන්න ඕනේ මෙහෙමයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන මඟින් මෝටර් වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධ නව මාර්ගෝපදේශයන් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අඳාළ මාර්ගෝපදේශයන් 2018 පෙබරවාරි 08 දින නිකුත් කරන ලද පෙර මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් සකසා ඇති බව සඳහන්.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

එසේම මෙම නව මාර්ගෝපදේශයන් ඔස්සේ 2018 දී හඳුන්වා දුන් ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ්, සහ වෙනත් බලශක්ති ප්‍රභවයන් මත කර තිබූ වාහන වර්ගීකරණය ද ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම නව මාර්ගෝපදේශවල ප්‍රධාන වෙනස්කම් ලෙස 2018 මාර්ගෝපදේශයන් යටතේ ඉලෙක්ට්‍රික් වාහනවල වටිනාකමින් 90% දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව ඉවත් කර තිබෙනවා.

එසේම දැන් ඉලෙක්ට්‍රික් වාහනවල මූල්‍ය පහසුකම් පහත පරිදි සීමා කර ඇති බව සඳහන්.

අවුරුදු 20ක් ඇස් පියාගෙන හිටපු පුතාගේ අත ඇතෑරියේ නැති තාත්තව අඬවලා නිදි කුමාරයා සදහටම නිදා ගෙන

අවුරුදු 20ක් ඇස් පියාගෙන හිටපු පුතාගේ අත ඇතෑරියේ නැති තාත්තව අඬවලා නිදි කුමාරයා සදහටම නිදා ගෙන

වාණිජ වාහන: 80% මෝටර් කාර්, SUV, සහ වෑන්: 60% ත්‍රීවීල්: 50% වෙනත් වාහන: 70% එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන වාහනවල, ඉලෙක්ට්‍රික් නොවන වාණිජ වාහනවල පෙර පැවති 90% මූල්‍ය පහසුකම් සීමාව 80% දක්වා අඩු කර තිබෙනවා.

තවද ඉලෙක්ට්‍රික් නොවන මෝටර් කාර්, SUV, සහ වෑන් රථ සඳහා 50% වූ ණය සීමාව 60% දක්වා ඉහළ දමා ඇත.

ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් රථවලද පෙර 25% වූ මූල්‍ය පහසුකම් සීමාව, 2025 ජූලි 18 දින සිට 50% දක්වා පුළුල් කර ඇත.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

හයිබ්‍රිඩ් වාහන, මේ අතර 2018 මාර්ගෝපදේශ අනුව හයිබ්‍රිඩ් මෝටර් කාර්, SUV, සහ වෑන් රථ සඳහා 70% දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව, හයිබ්‍රිඩ් කාණ්ඩය ඉවත් කිරීමත් සමඟ 60% දක්වා අඩු කර තිබෙනවා.

ඒ අනුව මෙම නව මාර්ගෝපදේශ බලපැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතා කළ වාහන සඳහායි.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

එසේම මහ බැංකුවෙන් 2025 ජූලි 18ට පෙර ණයවර ලිපි විවෘත කර ඇති ලියාපදිංචි නොකළ වාහනවලට විශේෂ සංක්‍රාන්ති විධිවිධානයන්ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

එම විධිවිධාන ඔස්සේ මූල්‍ය ආයතනවලට එවැනි ණය ගනුදෙනු කළමනාකරණය කිරීමට අවස්ථාව සලසයි.

ඒ අනුව මෙම යාවත්කාලීන මාර්ගෝපදේශයන් ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන්නේ මූල්‍ය ආයතනවල ණය පහසුකම් ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් පිළිවෙලකට හා විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමටයි.

ස්ටාලින් පුපුරයි, ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් කරන දේ පෙන්නන්නම්

ස්ටාලින් පුපුරයි, ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් කරන දේ පෙන්නන්නම්