රස පරීක්ෂක කාර්යාලයේ සහයකයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
රස පරීක්ෂක කාර්යාලයේ කාර්යාල සහයකයෙකු හෙරොයින් සහ අයිස් (මෙතම්ෆෙටමින්) මත්ද්‍රව්‍ය භාවිතයට හා බෙදාහැරීමට සම්බන්ධ බවට සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකායට ලද රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරු රස පරීක්ෂක කාර්යාලයේ සේවය කරමින්, එහි පහසුකම් යොදාගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක කටයුතු කර ඇති බවට විමර්ශනවලින් හෙළි වී ඇත.
වැටලීමේදී සැකකරු සතුව තිබූ ජංගම දුරකථනය සහ තවත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවා ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු සොයා ගැනීමට පරීක්ෂා කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම සහ ගබඩා කිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ඇතැයි STF ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන STF සහ කොළඹ අපරාධ කොට්ඨාශය ඒකාබද්ධව සිදුකරන අතර, සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ වෙනත් සාමාජිකයන් හඳුනාගැනීමට ද උත්සාහ කරමින් සිටී.
