හම්බන්තොට කුරුලු උයනේ හිමිකරුගෙන් පෙත්සමක්

Report

හම්බන්තොට කුරුලු උද්‍යානයේ තිබී සොයා ගන්න ලද නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21ක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව එම උද්‍යානයේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.

මෙම පෙත්සම අද (29) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

දුම්රිය වැඩ වර්ජනයක් වෙන්නෙ නැහැ

දුම්රිය වැඩ වර්ජනයක් වෙන්නෙ නැහැ

මෙම මෝටර් බයිසිකල් මහා මාර්ගයේ භාවිතා කිරීමේ චේතනාවෙන් ගෙන්වන ලද බයිසිකල් නොවන බව ප්‍රකාශ කළේ එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්.

ඔහු මෙහිදී කියා සිටියේ මෝටර් රථ පනතට අනුව මෙම චෝදනාව ඇප ලබා දිය හැකි වරදක් බවය.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ නඩුව හෙට දින හම්බන්තොට මහෙස්ත්‍රත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත් එහිදී සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්ය.

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

අදාළ ඇප ඉල්ලීම හෙට දින මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියම කරනු ලැබුවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පිරිසක් ද නම් කර ඇත.  

නාමල් රාජපක්‍ෂට ඇප

නාමල් රාජපක්‍ෂට ඇප