මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී[VIDEO]
කොරියාවේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකුට මුහුණ දීමට සිදු වූ අපයෝජන සිද්ධියක් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා හෙළා දැක ඇති බව වාර්තා වේ.
ඒ අනුව එරට ජනාධිපති ලී ජේ මියුන්ග් පවසා ඇත්තේ "ඕනෑම මානව හිමිකම් උල්ලංඝනයකට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන " බවයි.
ඉකුත් පෙබරවාරි මස 26 වන දින අදාළ ශ්‍රී ලාංකික සේවකයා සේවය කළ දකුණු ජෙයෝල්ලා හි නාජු හි ගඩොල් කර්මාන්තශාලාවකදී ඔහු මෙම සිදුවීමට මුහුණ පා ඇති බව සඳහන්.
එහිදී කර්මාන්ත ශාලාවේ අනෙකුත් සේවකයින් මෙම ශ්‍රී ලංකික සේවකයා ගඩොල් ගොඩක බැඳ ඔහුව ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයකින් ඉහළට ඔසවා හිරිහැර සිදුකරමින් සමච්චලයට ලක්කර ඇති බව වාර්තා වී ඇත.
ඔහු 2024 දෙසැම්බර් මාසයේදී රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ 19 විසා බලපත්‍රයක් මත කොරියාවට ගොස් තිබෙනවා.
මෙම සිදුවීමට පෙර ඔහු මාස තුනක් පමණ අඳාළ කර්මාන්තශාලාවේ සේවය කර ඇති බව සඳහන්.
ඒ අනුව ජියෝනාම් සංක්‍රමණික කම්කරු මානව හිමිකම් ජාලය සඳහන් කළේ රැකියාවේ වරදක් සිදු කළ බව පවසමින් එහි අනෙකුත් සේවකයින් මෙම සේවකයා මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි.
එසේ වුවද සිද්ධියෙන් මාස කිහිපයකට අනතුරුව අඳාළ සිදුවීමේ වීඩියෝවක් ඉකුත් දා සමාජ මධ්‍යයේ සංසරණය වීමත් සමඟ කොරියානු රජය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.
එසේම මෙම ශ්‍රී ලාංකික සේවකයා එම එරට මාධ්‍යයට අදහස් දක්වා තිබුණේ එම සිදුවීමෙන් තමන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටින බවටයි.
ඒ සමඟ දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් වැඩිදුරටත් කියා ඇත්තේ,
"මට මගේ ඇස් අදහා ගත නොහැකි වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක සහ සංස්කෘතික බලවතෙකු තුළ මෙවැනි අපයෝජනයක් සිදුවිය හැකි යැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ. මෙය සමාව දිය නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක්, සුළුතරයකට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයෙකුට එරෙහිව මානව හිමිකම් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්, කිසිවෙකු සංක්‍රමණික සේවකයෙකුගේ අවදානමට ලක්විය හැකි තත්ත්වය සුරාකෑමට හෝ අපයෝජනය කිරීමට අපයෝජනය නොකරන බවට අපි සහතික වෙනවා, විදේශයන්හි සේවය කරන කොරියානු පුරවැසියන් අපි අගය කරනවා සේම, සංක්‍රමණික සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරනවා." යනුවෙන්.
